Saturday, June 19, 2010

රටට වංචා නැති මගේ අවංක ඉගැන්වීම!

"ජීවිතය සුන්දරයි"
හැම දෙනාටම එහෙමද? පිළිතුර නෑ නේද?
සමහරුන්ගෙ ජීවිතවල ප්‍රශ්න පිරිල. ඉතින් කොහොමද සුන්දර වෙන්නෙ?

ඉතින් ඒ අයට පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් මට ඒ ඇති.

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "මුදල්"

ඉතින් ඒ බව දන්න අපෙ උන්නැහේල අපිටම පච මල්ලක් විකුනල තියෙන සොච්චමත් හූරගෙන කනව.

 Internet Money  පසුපස අද නොයන්නෙ කව්ද?
අන්තර්ජාලය තියෙන කවුරුත් බලන්නෙ ඕක කරන්නනෙ. නමුත් එහි සාර්තකත්වයක් තියෙනවද?

ඉතින් මම මේ කියන්න යන්නෙ ඒ ගැනනම් නෙමෙයි. ඒත් මේ වැඩේ කරන්නනම් අනිවාරෙන්ම ස්ථීර අන්තර්ජාල සම්බන්දතවයක් තියෙන්න ඕන.
නමුත් මේකෙන් මුදල් හොයන්නෙ තමන්ගෙ හැකියවක් ප්‍රයෝජනයට අරන්.

ඔයාල අහල තියෙනවද Freelancer jobs ගැන? අහල නැත්නම් මම ඒ ගැන අද ඉඳල මුල සිට ඔයාලට කියල දෙනව.

මේක සිංහලෙන් කියුවොත් "අන්තර්ජාලයෙන් හැකියාවට ලැබෙන රැකියාවක්"


මේක මම හොයාගත්තෙත් මෑතකදි. ඒක ඇත්තටම කෙනෙකුට දෙපයින් නැගිටින්න පුලුවන් රැකියාවක්.

අන්තර්ජාලයතුල මා දැකපු හොඳම සේවාව තමයි මේක. මම විතරක් නෙමෙයි තව ටික දවසකින් ඔයාලත් එහෙම හිතයි.