Saturday, October 16, 2010

002. හැකියාවට රැකියාවක්

ඔන්න මම ටිකක් දවසක් පරක්කු උනා... ඉස්සෙල්ලම එකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනව...


එහෙනම් මම අද අර කියනව කියුව සයිට් 3න් 1ක් කියන්නම්...
මොකද ඔක්කොම එකට ගොඩගහගත්තොත් එකක්වත් හරියට කරගන්න බෑනෙ නේද?...



මම දැකපු හොදම ස්යිට් එකක් තමයි oDesk  (The On Demand Global Workforce)කියන සයිට් එක. අපිට පුලුවන් මේකෙ වැඩ කරල ලැබෙන මුදල් ATM යන්ත්‍ර හරහා ඕනම වෙලාවක ගන්න...
නමුත් තව ගොඩාක් ඩෙවල් තියෙනව ඊට ඉස්සෙල්ල ඉගෙන ගන්න...

මුලින්ම අපි මේ සයිට් එකේ ලියාපදින්චි (register) වෙන්න ඕන...

ඉතින් මම ඒක ඊ ලග ලිපියෙන් කියල දෙනකම් ඔයාල register වෙන්නෙ නැතුව ඉන්න. මොකද දන්නවද? ඒක හරියට කරගත්තෙ නැති උනොත් වැඩේ ටිකක් අමරුයි. මම හැමදේම ඉක්මනටම ඔයලට කියල දෙන්නම්...

ආ... තව දෙයක්.... මේක බලන ඔයාලගෙ comments තමයි මගෙ ලිපිවල වේගය වැඩි කරන්නෙ. ඉතින් ඉක්මනට ලිපි ඕනනම් comment එකක් දාන්න අමතක කරන්න එපා....




Friday, July 2, 2010

හැකියාවට රැකියාවක්! 001

     ලමුවෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක අනෙක් ක්‍රම තරම් ලෙහෙසිනම් නෑ. හැබැයි අමාරුත් නෑ. හරියට කරගත්තොත් වරදින්නෙත් නෑ.

ඕනම අවස්ථාවකදි මම ඉන්නව උදව්වට.
        ඕනම දෙයක් තේරෙන්නෙ නැත්නම් මගෙන් අහන්න. : )

මේක අන්තර්ජාලය හරහා කරන රැකියවක්. නිදහස් රැකියවක්. කැපවීම අනිවාර්යයි...!

ඔයාල මේවයින් දක්ශ මොනවටද?
Graphic Designing   (Photoshop, Illustrator, CorelDraw...etc)
Photo Editing
Web Designing   (Flash, Dreamweaver... etc)
Programming      (Java, C++, VB...etc)
Office Package   (Word, Excel, powerpoint...etc)
3D Animation     (Maya, 3Dmax....etc)

           යම් පිරිසක් මේ හැකියාවන් තියෙන අයගෙන් ප්‍රයෝජන බලාගෙන ඉන්නව. අන්න ඒ අයට අපි වැඩක් කරලදීල අපටත් යම්කිසි මුදලක් ගන්න පුලුවන්. මේ සඳහාම අන්තර්ජාලයේ නොයෙකුත් Website තියෙනව. ඉතින් ඒව හරහා තමයි මේ හැම දෙයක්ම වෙන්නෙ. මේ අතරින් මම දන්න Site 3ක් ගැන මම ඔයාලට කියල දෙන්නම්.

  මේ සයිට් 3 මම ඉන්නෙ Graphic Designer කෙනෙක් වශයෙන්. නමුත් ඔයාලගෙ දක්ශතා අනුව අවශ්‍ය පරිදි ඉන්න පුලුවන්. මේ සියලු දේ කෙරෙන්නෙ එකම විදියකට.

ඉතින් එහෙනම් ඔන්න අර වෙබ් සයිට් 3ත් එක්ක ඉක්මනටම මම එන්නම්. එතකම් ඔයාලගෙ පරිඝනක හැකියාව තව ටිකක් දියුණුකරගෙන ඉන්න.....

: )

Saturday, June 19, 2010

රටට වංචා නැති මගේ අවංක ඉගැන්වීම!

"ජීවිතය සුන්දරයි"
හැම දෙනාටම එහෙමද? පිළිතුර නෑ නේද?
සමහරුන්ගෙ ජීවිතවල ප්‍රශ්න පිරිල. ඉතින් කොහොමද සුන්දර වෙන්නෙ?

ඉතින් ඒ අයට පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් මට ඒ ඇති.

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "මුදල්"

ඉතින් ඒ බව දන්න අපෙ උන්නැහේල අපිටම පච මල්ලක් විකුනල තියෙන සොච්චමත් හූරගෙන කනව.

 Internet Money  පසුපස අද නොයන්නෙ කව්ද?
අන්තර්ජාලය තියෙන කවුරුත් බලන්නෙ ඕක කරන්නනෙ. නමුත් එහි සාර්තකත්වයක් තියෙනවද?

ඉතින් මම මේ කියන්න යන්නෙ ඒ ගැනනම් නෙමෙයි. ඒත් මේ වැඩේ කරන්නනම් අනිවාරෙන්ම ස්ථීර අන්තර්ජාල සම්බන්දතවයක් තියෙන්න ඕන.
නමුත් මේකෙන් මුදල් හොයන්නෙ තමන්ගෙ හැකියවක් ප්‍රයෝජනයට අරන්.

ඔයාල අහල තියෙනවද Freelancer jobs ගැන? අහල නැත්නම් මම ඒ ගැන අද ඉඳල මුල සිට ඔයාලට කියල දෙනව.

මේක සිංහලෙන් කියුවොත් "අන්තර්ජාලයෙන් හැකියාවට ලැබෙන රැකියාවක්"


මේක මම හොයාගත්තෙත් මෑතකදි. ඒක ඇත්තටම කෙනෙකුට දෙපයින් නැගිටින්න පුලුවන් රැකියාවක්.

අන්තර්ජාලයතුල මා දැකපු හොඳම සේවාව තමයි මේක. මම විතරක් නෙමෙයි තව ටික දවසකින් ඔයාලත් එහෙම හිතයි.